ඝාතනය ලක්වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියාතුරෙයි නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම් වැඩසටහන ඊයේ(31) සවස වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුුුණා.

වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථාන සභාපති පි.කාර්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වවුනියාව දිස්ත්‍රික් සහෝදර මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්වුුුවා.

නඩේෂන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු සිදුකරන අවධියේ මඩකලපුව නගරයේදී 2004 මැයි 31 වැනිදා වෙඩි තබා ඝාතනය කොට තිබුණා.

ඝාතනය සිදුවු අවස්ථාවේ එවක ආරක්ෂක අංශ හා එල්. ටී. ටී සංවිධානයෙන් වෙන්ව සිටි කරුණා කණ්ඩායමට ඝාතනය වෙනුවෙන් චෝදනා එල්ල වුණා.

යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපත ලැබු නඩේෂන් මහතා මියයන අවස්ථාවේ වයස අවුරුදු 50 ක් වු සිව්දරු පියෙකි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ වීරකේසරි පුවත්පත් ප්‍රාදේශීය වාර්තාකරු මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ආයතන රැසක් වෙනුවෙන් පුවත් සැපයු මාධ්‍යවේදීයෙකු ලෙස නඩේෂන් මහතා කටයුතු කොට තිබුුුණා.

2000 වර්ෂයේ කර්තෘ මණ්ඩල සංසදය වෙතින් පිළිගැන්වු මාධ්‍ය කුසලතා සම්මානයෙන්ද නඩේෂන් මහතා පිදුම් ලබා තිබිණ.

නඩේෂන් මහතාගේ ජායාරූපයක් වෙනුවෙන් පහන්දල්වා,මල්පුදා,නඩේෂන් මහතාගේ ගුණ සිහි කිරීමට වවුනියාව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් කටයුතු කළා.

WhatsApp Group

Skip to content