රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ( GTEX 2) ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කොළඹදී සිදු කෙරිණි.

ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පැවැත්ම ඉහළ නැංවීම සහ ඇඟළුම් අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ස්විස්ටර්ලන්යේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්‍යාලය , ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක්ව මෙම දෙවන අදියර ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසඳය මෙම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය අරමුදල් සපයන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ICT ) තාක්ෂණික සහය ලබා දෙන අතර මෙම වැඩසටහන 2024 වසරේ සිට 2027 වර්ෂය දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.

ආසියානු කලාපයේ ඇඟළුම් ක්ෂේත්‍රයේ සැපයුම් මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම මෙම වැඩසටහනේ අවසන් ඉලක්කය වන බව මෙම අවස්ථාවට එක්වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කුඩා සහ මධ්‍යම පරිමාක ව්‍යවසායකයින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ඇඟළුම් ක්ෂේත්‍රය සංවර්ධනය වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. ආර්ථික පරිවර්තන කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම පනත සම්මත වීමෙන් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවන බව වැඩිදුරටත් පැවසීය.

WhatsApp Group

Skip to content