ලෝකයේ මේ වන විට පවතින යුද ගැටුම් පිලිබදව ආමන්ත්‍රණය කිරිම සදහා ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබෙනවා .

පසුගිය සිකුරාදා කොළඹදි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ .

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් අදහස් පල කළා .

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කල යුතු බවයි .

WhatsApp Group

Skip to content