ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.

ඊයේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයෙන් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක්.

එහිදී චරිත් අසලංක ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 27ට කඩුළු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අවුරා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ ලකුණු 132ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායම පරදා ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 83ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සයිෆර්ට් පන්දු 39කදී ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

WhatsApp Group

Skip to content