පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්වරයාට 071 – 764 90 54 යන දුරකථන අංකය මගින් දැනුම් දිය හැකියි.

එමෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය මහතා හට 077 – 34 97 565 යන දුරකථන අංකය මගින් පොහොර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content