ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ මේ ගොවිපළවල සිටින පිරිමි කුකුළු පැටවුන් මසකට 5000ක් පමණ ඌරන්ට කෑමට ලබා දෙන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි.

රටේ රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට මස් සඳහා කුකුළු පාලනයට මෙම සතුන් ලබා දීමට හැකියාව පවතින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ නිසා රජයේ සත්ත්ව ගොවිපොළෙන් මාසිකව බැහැර කරන පිරිමි කුකුළු පැටවුන් රැකියා විරහිත තරුණයන්ට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content