ගොවීන්ට සහන සැලසීම සඳහා ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවීන් වැරදි ලෙස ගිණුම් අංක ලබා දීම හේතුවෙන් මෙම මුදල් ආපසු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 1කට රුපියල් 10 000 සහ හෙක්ටයාර් 2කට රුපියල් 20 000 වශයෙන් රුපියල් බිලියන 8ක්, ගොවි පවුල් ලක්ෂ 12ක් අතර බෙදා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content