රටතුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇතිකර දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තිය සමිති සබදතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

යළි ගොඩනැගෙනමින් පවතින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹ දී සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා.

ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද රාජ්‍ය සේවකයින්ට ලබාදිය හැකි සහන ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාරයට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු සදහන් කළේ.

එමෙන්ම වැටුප් සහ දීමනා වැඩිවීමක් පිළිබද අපේක්ෂාවක් පවතින බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content