දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ගොඩනැගිල්ලක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර ළමුන් 12 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගින්න හේතුවෙන් තවත් 50ට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ගින්න හටගත් මෙම ගොඩනැගිල්ල තුළ අප්‍රිකානු රටවලින් පැමිණි ලේඛනගත නොවූ සංක්‍රමණිකයන්ද සිට ඇති බව සදහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවට එම ස්ථානයට පැමිණි එරට ජනාධිපති සිරිල් රම්පෝසා සදහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content