නවසීලන්තයට බලපෑ ග්‍රේබියෙල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ ගණනක ජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 62,000 කට විදුලිය විසන්ධි වී තිබු බව සඳහන්.

පුද්ගලයන් 5,608 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා පළවුවත් ඔවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස, ගොවිපලවල්, ජලයෙන් යටවී තිබූ අතර, කොල්ලකෑම් හේතුවෙන් නගර කිහිපයකට පොලිස් ආරක්ෂාව යෙදවීමට ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content