ගෙවීම් පැහැර හැර ඇති බදු සඳහා අදාළ ව්‍යාපාරවලට උපරිම වසර එකහමාරක සහන කාලයක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පසුගිය කාලයේ ඇති වූ මෙන් ම වර්තමානයේ ද ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ගෙවීම් පැහැර හැර තිබෙන බදු ප්‍රමාණය රුපියල් කෝටි අනූදහස් හාරසියයක් බව පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී මෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී ද අනාවරණය වූනා.

නමුත් ඒ අතරින් කෝටි හැත්තෑ දහසක් සඳහා ම ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාග වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව අය කර ගැනීමට හැකියාව ඇත්තේ රුපියල් කෝටි විසි දහසක පමණ ප්‍රමාණයක් යැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසානවා.

 

WhatsApp Group

Skip to content