නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ.

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content