කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ගුවන් යානා ප්‍රමාද වීම සහම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ගුවන් සේවා අධිකාරීයේ පරිපාලන නිලධාරීන් සහ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් එළඹෙන සඳුදා පවත්වන බවයි.

මෙහිදී සංචාරකයන්ට මෙන්ම සියලු මගීන්ට වූ අපහසුතා පිලිබඳ සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් යානා කාර්මික දෝෂයන්ට ලක් වීම සහ ප්‍රමාදයන්ට ලක් වීම දිගින් දිගටම වාර්තා වුණා.

ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා තිබුණේ ගුවන් සේවය සතු යානා ප්‍රමානවත් නොවීමයි.

WhatsApp Group

Skip to content