මධ්‍යම කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට දේශපාලඥයන් 5දෙනෙකු සහ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරට හේතුව පිළිබඳ මේ වන විට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගුවන් යානය කොලොම්බියාවේ විලිවිසෙන්චියෝ සිට බොගෝටා වෙත ගමන් අතරතුර මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති දේශපාලඥයන් 05 දෙනා කොලොම්බියාවේ හිටපු ජනාධිපති අල්වා උරයිරීබාගේ දක්ෂිණාංශික ඩිමොක්‍රොටිකෝ පක්ෂයේ සමාජිකයන් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content