විදෙස්ගත වන ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ පිට වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ.

කෙසේ වෙතත් තවදුරටත් සෑම ගුවන් මගියෙකුම විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී ලක්වන බවද එම සමාගම කියා සිටියා .

මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content