පලස්තීනය පසුගියදා බටහිර ඉවුරට එල්ල කළ රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමිනුයි ඊශ්‍රාලය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තින රතු අඩසද සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

හමාස් සංවිධානයට අයත් භූ ගත බංකර සහිත ගොඩනැගිල්ලක් ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයෙන් එය විනාශයට පත් ව තිබෙනවා.

ඊශ්‍රාලය හා පලස්තිනය අතර දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවෙන් ගසා තීරයේ නොසන්සුන් තත්ත්වය තවත් වැඩිව ඇති බවයි යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content