ඉන්දියාවේ සිට තමන් රැගෙන ආ සාරි තොගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී ලෙස  ගුවන් ගමන් බලපත්‍ර 04 ක් රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්  විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරික කාන්තාව පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.
ඇය ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඇය විසින් රැගෙන විත් තිබූ සාරි තොගයක් අතර , මෙම ගුවන් ගමන් බලපත්‍ර 04 සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරික කාන්තාව ගුවන් ගමන් බලපත්‍ර පසුව යුරෝපය වෙත පැන යාම සදහා , මිනිස් ජාවාරම්කරුවන්ට ලබා දීමට සැළසුමක් සදහා විය හැකි බවට පොලිසිය සැක පහළ කර තිබෙනවා.
මේ වනවිට මෙම ව්‍යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ගුවන් ගමන් බලපත්‍ර 04 , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content