කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ පැවති විරෝධතා හේතුවෙන් මෙම පියවර ගත බවයි.

ඒ අනුව පසුගිය 15 වනදා ආරම්භ කල මෙම සේවාව ඊයේ දිනයේ සිට නතර කරනු ලැබුවා .
මෙම බස් රථ සේවාවට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කළා.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත සිය විරෝධතා ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ.

නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ , කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමයේ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content