අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස් ගස් වැව විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේදී විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

ඒ ගුරු හිඟයට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

සිසු සිසුවියන් 582 කට ආසන්න පිරිසකට විදුහලේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සදහා ගුරුවරුන් නොමැති බවටයි ඔවුන් පවසන්නේ.

ඒ පිළිබදව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයට දැනුම් දී මාස 3 ක කාලයක් ගත වුවද ඒ සදහා විසඳුම් නොලැබීම හේතුවෙනුයි මෙම විරෝධතාවය සිදු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content