වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමති ක්‍රියාමාර්ග අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අද දිනයේදී ගුරු – විදුහල්පතිවරුන් අසනීම නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය දේශපාලන අවශ්‍යතාවය මත සිදු කරන බවයි වැටුප් විෂමතාවයට එරෙහි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.

මේ අතර රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියාවලිය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටු සාමාජික එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය අද දිනයේදීත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ය අද දිනයේත් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙහිදී ලබා දෙන දීමනා සංශෝධනය කරන ලෙස ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද වැටුප් විශමතා වලට විසඳුම් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වී සිටිනවා.
රට තුළ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීම දේශපාලන මැතිහත්වීම මත සිදුවන බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content