පවතින ආර්ථික වාතාවරණය මත ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

එලෙස සිදු කළහොත් දරුවන්ගේ ප්‍රමුඛතා මගහැරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ පාවහන් තිළිණපත් ලබා දීම සිදු කරන බවද ඔහු කියා සිටියා .

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවයට එක්වෙමින් .

එමෙන්ම ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සදහා දිවා ආහාරය ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදි පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/SUSIL-PREMAJAYANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content