පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ

මොවුන් ඊයේ දිනයේදී පාසලට පැමිණ ඇති අතර එහිදී පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස විනය භර ආචාර්යවරයා සිසුන්ට අවවාද කර තිබෙනවා

පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ

සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි

WhatsApp Group

Skip to content