ඉන්දියාවේ ගුජරාට් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඖෂධාගාර තුනක් වටලා ඉන්දීය රුපියල් කෝටි 300ක වටිනාකමින් යුතු මෙෆෙඩ්‍රොන් තහනම් ඖෂධ තොගයක් අත්අඩංගුවට ගැනීමට එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අතර එම ඖෂධාගාරවල මෙෆෙඩ්‍රොන් තහනම් ඖෂධය නිෂ්පාදනය කරන බවට ගුජරාට් පොලිසියේ ත්‍රස්ත විරෝධී ඒකකයට ලැබුණු ඔත්තුවක් මත එම වැටලීම සිදු කර ඇත.

WhatsApp Group

Skip to content