වියලි කාලගුණය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කළා.

මේ අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික් වලට වියලි කාලගුණය හේතුවෙන් ජල හිඟයක් මතුව ඇති අතර, ඒ අනුව පානිය ජලය බෙදා හැරීමද ආරම්භ කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූවේ.

WhatsApp Group

Skip to content