විදේශ රට නිෂ්පාදිත ගිණි අවියක් සමග පුද්ගලයෙකු බිංගිරිය, බෙලිවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියට අමතරව සජීවි පතොරම්ද සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 52හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content