ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා පවසන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවයි.

ඒ අනුව වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවයි ඒ මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content