අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසනවා .
ඔහු පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි.
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ, කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් .
කෙසේ වෙතත් අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා ප්‍රකාශ කලා .

මේ අතර ගැටළු සහගත නිර්වින්දන එන්නත් කාණ්ඩය භාවිතයෙන් තවකාලිකව ඉවත් කල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා .
මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

 

WhatsApp Group

Skip to content