ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡාවක් ලබාදී තිබේ.

අද දහවල් 12ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත නමුත් එවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මේ වන තෙක් තමන් නොදන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළා.

WhatsApp Group

Skip to content