උතුරු ගාසා තීරයේ දරුවන් විශාල පිරිසක් කුසගින්න හමුවේ මිය යන බවට අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ ආහාර නොමැතිකම සහ දරුණු මන්දපෝෂණ තත්ත්වය මත දරුවන් මෙලෙස මියගොස් ඇති බවයි.

මේ අනුව ඊයේ දිනය වන විට දරුවන් 15 දෙනෙකු මන්දපෝෂණ තත්ත්වයෙන් සහ විජලනයෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සදහන් කළා.

WhatsApp Group

Skip to content