ගාසා තීරයේ මිලියන භාගයක් පමණ පලස්තීනුවන් සාගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල – හමාස් යුද්ධය තවදුරටත් පවතින්නේ නම් මෙම තත්වය ඉහළ අවධානම් මට්ටමකට පත් වනු ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුමක් දියත් කළ මැයි මස මුල සිට රෆා දේශසීමා හරස් මාර්ගය වසා දැමීම හේතුවෙන් මෙලෙස පලස්තිනුවන්ට ආහාර ලබා දීමට නොහැකි වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content