ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලය එකග වී තිබෙනවා.

ඇමරිකාව විසින් කළ ඉල්ලීමකට අනුවයි ඊශ්‍රායලය මෙම එකගතාවට යොමු වී ඇත්තේ.

ඒ අනුව එක්වතාවකට ඉන්ධන ලීටර් එක්ලක්ෂ හතලිස් දහසක් ලබා දීමට නියමිතව තිබෙනවා.

ගාසා තීරයේහි බිදවැටී ඇති සන්නිවේදන සබඳතා මේ වන විට අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ගාසා තීරයේ පිහිටි විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල වෙත ඉන්ධන ඇතුළු සැපයුම් නතර වීම හේතුවෙන් මේ වන විට රෝගීන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා .

ඒ අතර, නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා බිළිඳුන් තිදෙනෙකු ද වන බව සදහන් .

හමාස් සංවිධානය විසින් සිය මධ්‍යස්ථානයක් අදාළ රෝහලේ පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් ඊශ්‍රායල හමුදා විසින් එම රෝහල් පරිශ්‍රයට පසුගිය දා ඇතුළු වූනා .,

WhatsApp Group

Skip to content