ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1900 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සියයට 60ක් කාන්තාවන් සහ කුඩා දරුවන් බව සදහන් .

ඒ අනුව කුඩා දරුවන් 614 දෙනෙකු සහ කාන්තාවන් 370 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ .එමෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 7500 ඉක්මවා තිබෙනවා.

මේ අතර පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්ප නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම ගැටලුව විසඳීම සඳහා නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස සලකා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සිදුකළ යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.

මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය බිඳී යන තැනකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මානුෂීය ව්‍යසනයක් වැලැක්වීමට සුළු කාලයක් ඉතිරිව ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content