ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතු`ඵ වීමට අවසර ලැබී ඇති බව වාර්තා වනවා.

අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කියා සිටියේ තානාපති කාර්යාලය මගින් ඒ බව දැනුම් දුන් බවයි.

ඒ අනුව අද දින දහවල් 12 පමණ වන විට මෙම පිරිසෙන් 15 දෙනෙකු ඊජිප්තුවට ළඟා වීමට නියමිතව ඇති බව සදහන්.

ඒ සදහා අවශ්‍ය මැදිහත් වීම ඊජිප්තු තානාපති කාර්යාලය මගින් මෙන්ම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය මගින් සියලු කටයුතු සූදානම් කර ඇති බවටයි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content