ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊජිප්තුවේ මැදිහත්වීමෙන් දින 3 ක් පුරා පැවති සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොර වූ බවයි වාර්තා වන්නේ.

ලබන සිකුරාදා දිනයේදී රාමදාන් උත්සව සමය ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර දෙපාර්ශවය අතර එකඟතාවයකට එළඹිය යුතු බව ද සදහන්.

අමෙරිකාවේ කටාර් රාජ්‍යයේ හා ඊජිප්තුවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා හරහා සති 6 ක සටන් විරාමයක් ආරම්භ කිරීමටයි ඔවුන් මෙම සාකච්ඡා මගින් උත්සහ දරුණු ලැබුවේ.

WhatsApp Group

Skip to content