ගාසා තීරයේ විශාලතම සරණාගත කදවුරට ඊශ්‍රායල් හමුදාව විසින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ජබාලියා නමැති සරණාගත කදවුරට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එම ප්‍රහාරයෙන් සරණාගත කදවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සදහා පහසුකම් නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එම සරණාගත කදවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content