ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා හි ජලය, ආහාර හා විදුලිය අවසන් වී ඇති බව වාර්තා වනවා.

එහි ශල්‍ය වෛද්‍යවරයකු මේ බව සදහන් කළා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද ඊශ්‍රායලය පහර දී තිබෙනවා.

වෛද්‍ය මධ්‍යස්ථානයට පහළින් ඇති උමං මාර්ගවල සිට හමාස් සටන්කාමීන් ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල හමුදාව නැවත නැවතත් චෝදනා කර ඇති අතර එය හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි.

WhatsApp Group

Skip to content