යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් ගණන මිලියන 2 කට ආසන්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එය ගාසා තීරයේ ජීවත් වන සමස්ත ජනගහනයෙන් සියයට 80 ක ප්‍රතිශතයක් බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.

පසුගිය දිනවල ඇති වූ යුද ගැටුම් හමුවේ තවත් මිලියනයක පමණ පිරිසක් කුසගින්නෙන් පීඩාවට පත්වන බවද සදහන්.

එමෙන්ම ප්‍රහාර එල්ල වූ ප්‍රදේශවලට සහන සේවා නොමැති වීම හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට ද නොහැකි අර්බුදකාරි තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content