ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් මධ්‍යම ගාසා තීරයේ අල් – මුෆ්ටි පාසලටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබුණේ.

මේ අතර ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුරටද ඊයේ කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වුණා.

මේ අතර අද දිනයේ පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබුවා.

ඊශ්‍රායල හමුදා මේ වනවිට ගොඩබිම් මෙහෙයුමක නිරත වන අතර එම මෙහෙයුමේදී සිදු කරන ප්‍රහාර තවත් දැඩිකර තිබෙනවා.

WhatsApp Group

Skip to content