ගාසා තීරයේ උතුරු පළාතේ සිටින සිවිල් ජනතාවට ආරක්ෂාකාරීව දකුණු පළාතට සංක්‍රමණය වීම සඳහා දිනකට පැය 4ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය සූදානම් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය මානුෂීය ආධාර සඳහා උපායශීලි හමුදා විරාමයක් වනු ඇතැයි ද සදහන් .අමෙරිකාවේ ඉල්ලීම මත ඊට එකඟතාව පළ කළද, එය සටන් විරාමයක් නොවන බවයි ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ .

පැය 4ක හමුදා විරාමය ලබා දෙන්නේ සිවිල් ජනතාව වෙනුවෙන් බවත්, එය කිසිදු අවස්ථාවක හමාස් සංවිධානයට ලබා දුන් සටන් විරාමයක් නොවන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content