ගාසා තීරයට ආධාර ලබාදීම සදහා වන නව මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබාදුන් බව ඊශ්‍රායලය පවසනවා.

ඒ හරහා මානූෂීය ආධාර ලබාදීමට හැකියාව පවතින බවට ඊශ්‍රායලය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීම වැළැක්විය යුතු බවට අමෙරිකාව විසින් අනතුරු ඇඟවීමක් සිදු කළා.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඊශ්‍රායලයට අමෙරිකානු සහය අඛණ්ඩව ලබානොදෙන බවයි ප්‍රකාශ කර තිබුණේ.

එම අනතුරු ඇඟවීමෙන් පසුව කෙටි කාලයක් තුළ මෙම පියවර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content