ආහාර අතුළු ආධාර රැගත් රථ පෙලක් උතුරු ගාසා තීරයට ඇතුළු වීම අවහිර කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා.

මෙහිදී ආධාර රැගත් ලොරි රථ 14ක් ආපසු හරවා යැවීමට එම හමුදාව විසින් කටයුතු කළ බවට ලෝක ආහාර වැඩසටහන්නේ නියෝජිතයන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උතුරු ගාසා තීරයේ ළමුන් කුසගින්නෙන් මියයෑම වැලැක්වීමේ අරමුණින් මෙම ආධාර තොගය ගෙන ඒමට ලෝක ආහාර වැඩසටහන කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content