කොළඹ ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරු ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසනවා.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන තිබුණා.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර අවන්හල තුළ බහින් බස් වීමක්  දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පැවසුවා.

කොටුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සූරිය කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content