ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් පසුගිය 09 සහ 10 දිනයේ වසා දැමීමටයි අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබුවේ.

ඒ අනුව මේ වන විට එම ප්‍රදේශවලට යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සදහන් කළා.

කෙසේවෙතත් ඇතැම් පාසල් මේ වන විට ආරක්ෂිත කඳවුරු ලෙස යොදාගෙන තිබෙන අතර, තවත් පාසල් කිහිපයක ගොඩනැගිලි පැවති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බවද සඳහන් .

මේ අතර ඉරිදා දිනයේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට මාතර දිස්ත්‍රික්කයේ දරු දැරියන් සහභාගී කරවා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා.

එහිදී මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ – වික්‍රමසිරි

WhatsApp Group

Skip to content