ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය බැක්ටීරියා තත්ත්වය හේතුවෙන් අධිකරණවලින් එම බන්ධනාගාරයට යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යැවීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බලපිටියි, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් ලබාදෙන නියෝග මත බන්ධනාගාරගත කරන රැදවියන් එලෙස අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කරනු ඇති.

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර ගොස් ඇති උණ රෝගය හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති 2 ක කාලයකට සීමා කර තිබෙනවා. 

කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර ගිය මෙම බැක්ටීරියා රෝගී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලන කර ඇති බවයි.

බන්ධනාගාර රැදවියන් 13 දෙනෙකුට මෙම රෝගය වැලදී තිබූ අතර ඉන් දෙදෙනෙකු මිය ගියා.

WhatsApp Group

Skip to content