ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ නිල නිවසේදී නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.

සෑම වසර 10කට වරක්ම පැවැත්වෙන ජන හා නිවාස සංගණන වැඩසටහනට සමගාමීවයි මෙම වැඩසටහන දියත් කර තිබෙන්නේ.

ඊයේ (14) ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ටී.පී.හෙට්ටිආරච්චි මහතා ඇතුළුව දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content