ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ඊයේ සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරුවන් හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි.

දඩල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලක් අසලදී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

ඔවුන්, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ සමීප මිතුරන් වන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content