වයස අවුරුදු 50 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් තම අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අනුව තම පවුලේ සාමාජිකයෙකුට ග්ලුකෝමා රෝගය තිබේ නම් පවුලේ අනෙක් සාමාජිකයින්ද අක්ෂි පරීක්ෂාව සිදුකර ගැනීම ඉතාම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ.

2024 වර්ෂයේ ලෝක ග්ලුකෝමා සතිය මාර්තු මස 10 වන දා සිට 16 වන දා දක්වා ක්‍රියාත්ම වන අතර මෙවර එය තේමාව වී ඇත්තේ “ග්ලූකෝමාවලින් තොර ලෝකයක් සදහා එක්වෙමු” යන්නයි.

මේ අතර මෙරට ජනහනයෙන් සියයට 5 ක ප්‍රමාණයෙන් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව ද විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content