කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයෙකු සහ අදාළ කාන්තාව ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර තිබුනා.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 32 හැවිරිදි පිරිමි පුද්ගලයා ඊයේ රාත්‍රියේදීම මියගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද අලුයම මිය ගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content