ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර න බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරන්නේ මැතිවරණය නිමාවට පත්වනතුරු සාමාන්‍ය පරිදි ග්‍රාම නිලධාරී සේවාවන් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ වන විට ග්‍රාම නිලධාරීන් මැතිවරණ නිලධාරීන් බවට පත්ව ඇති බැවින් ස්වාධීන අපක්ෂපාතී සාම නිලධාරීන් ලෙස මැතිවරණ නීතියට අනුගත වෙමින් මහජන සේවාවන් උපරිම ආකාරයෙන් ඉටු කිරීම සඳහා මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගවලින් ඉවත් වන බවයි ඒ මහතා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content