ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ මේ වන විට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙලෙස රාජකාරී කටයුතු වලින් ඉවත් වන බවයි.

ගමන් වියදම් දිමනාව , ඉන්ධන වියදම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමුවන බව ද නන්දන රණසිංහ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content